Artemis I Successfully Launched

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோளரங்கம்.
Sri Lanka Planetarium.

(+94)11 2586499

June 14, 2024

ආටෙමිස් I සාර්ථකව සඳ කරා

නාසා ආයතනය විසින් 2022 නොවැම්බර් 16 දින Artemis 1 නම් චන්ද්‍ර-කක්ෂගත මෙහෙයුම් රොකට්ටුව සඳ වෙත සාර්ථකව අභ්‍යවකාශගත කරන ලදී. Artemis I යනු දැනට ක්‍රියාත්මක වන ගගනගාමීන් ගෙන් තොර මෙහෙයුම් පියාසැරියක් වේ. එහි ඇති ඔරායන් අභ්‍යවකාශ යානය දින 26 ත් 42 ත් අතර පර්යේෂණ මෙහෙයුමකින් අනතුරුව නැවත පෘථිවි කක්ෂයට ඇතුළු වී පැසිපික් සාගරය වෙත පතිත වනු ඇත. මෙම මෙහෙයුමෙන් පසුව ආටෙමිස් 2 මෙහෙයුම විසින් ගගනගාමීන් සහිත චන්ද්‍ර පියාසර කිරීමක් සිදු කරනු ලබන අතර, ආටෙමිස් 3 මෙහෙයුම විසින් ගගනගාමීන් සහිත චන්ද්‍ර ගොඩබෑමක් සිදු කරනු ඇත.

මෙම ආටෙමිස් අනාගත මෙහෙයුම් හරහා, NASA ආයතනය විසින් සඳ මත පළමු කාන්තාව සහ සුදු ජාතිකයෙකු නොවන පුද්ගලයකුද ගොඩබැසීමට සලස්වනු ඇත. එමෙන්ම අනාගතයේදී සඳ මත ස්ථිර ජනාවාසයක් පිහිටුවීම සහ අනාගත අඟහරු ග්‍රහයා වෙත ගගනගාමීන් යැවීමේ මෙහෙයුම් සඳහාද මෙම ආටෙමිස් මෙහෙයුම් යොදාගැනීමට බලාපොරොත්තු වේ.

Image credit: NASA/Artemis1
Image credit: NASA/Artemis1
Image credit: NASA/Artemis1
Tags: No tags

Comments are closed.