Loading

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.

April 20, 2024

හැඳින්විම

දැක්ම

විශ්වය පිළිබඳ පුළුල් ඉදිරි දැක්මක් සහිතව ජනතාව දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ තාරකා විද්‍යාත්මක අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කිරීම.

මෙහෙවර

විශ්ව ප්‍රක්ශේපන යන්ත්‍රය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිතා කරමින් තාරකා විද්‍යාව පිළිබඳ සාමාන්‍ය ජනතාව සහ සිසුන් දැනුවත් කිරීම, දුරේක්ෂ භාවිත කරමින් රාත්‍රී නිරීක්ෂණ කඳවුරු පැවැත්වීම, ජංගම ග්‍රහලෝකාගාර දර්ශන සහ එළිමහන් වැඩ සටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ තාරකා විද්‍යා පාඨමාලා පැවැත්වීම.

පරමාර්ථ

තාරකා විද්‍යාව පිළිබඳ යාවත්කාලීන තොරතුරු සාමාන්‍ය ජනතාවට ලබා දීම.
තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ දැනුම පාසල් ගුරුවරුන්, සිසුන් සහ සාමාන්‍ය ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම.

ඉතිහාසය

1965 පෙබරවාරි 01 දින ලංකා කාර්මික ප්‍රදර්ශනයේ අංගයක් ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් ඉදිකරන ලද ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයට නවීන තාක්‍ෂණය මුසු කරගනිමින් රාත්‍රී අහස නිර්මාණය කිරීමේ හැකියාව පවතී.

හිටපු ඉංජිනේරු ආචාර්ය ඒ එන් එස් කුලසිංහ මහතා විසින් සැලසුම් කරන ලදී.

ලොව විශාලතම ග්‍රහලෝකාගාරයන් අතරින් එකක් වන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මීටර් 23 ක විශ්කම්භයකින් සහ ආසන 550ක ධාරිතාවකින් සමන්විතය.

අපගේ ප්‍රධාන ප්‍රක්ෂේපණ යන්ත්‍රය ලෝකයේ ඇති ක්‍රියාකාරී තත්වයේ පවතින විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍ර කිහිපය අතරින් එකකි.

පූර්ණ ගෝල චිත්‍රපට පෙන්වීම සඳහා 2014 වර්ෂයේදී Digital Power Dome ප්‍රක්ෂේපණ යන්ත්‍ර පද්ධතිය ස්ථාපනය කරන ලදි.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ සැලසුම්

1965දි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය

විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍රය

පුර්ණ-ගෝල ප්‍රක්ෂේපණ යන්ත්‍රය

අප අමතන්න

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය,
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.

(+94)11 2586499

කෙටි පිවිසුම්

ආශ්‍රිත ආයතන

සියලුම හිමිකම් ඇවිරිණි. ප්‍රකාශන හිමිකම © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.

Shopping Basket