Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව ඔබ සඳහා ඇති දර්ශන

ඔබ සඳහා ඇති දර්ශන

සෞරග්‍රහ මණ්ඩලයේ උපත

අප සෞරග්‍රහ මණ්ඩලය බිහිවුනේ කෙළෙසකද ? මෙම ග්‍රහලෝකාගාර දර්ශනය මඟින් සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම, මුල්ම දුහුවිලි වළාවේ සිට අද පවතින ආකාරය දක්වා විස්තර කරයි. එහෙත් ඉතිරිව ඇති ගැටළුව නම් වෙනත් ආකාරයකට සිදු නොවී එහි උපත දුහුවිලි වළාවක් හරහා සිදුවූයේ කෙසේද යන්නයි.

 

හබල් අභ්‍යවකාශ දූරේක්ෂය

1990 වර්ශයේදී කක්ෂගත වූ දා පටන්, හබල් දූරේක්ෂය මඟින් විචිත්‍රවත් වූ අභ්‍යවකාශ ඡායාරූප හා ඉතා වැදගත් දත්ත රාශියක් විද්‍යාඥයින් හට ලබා දී ඇත. එමෙන්ම ආසන්නතම වස්තුවේ සිට නිරීක්ෂණය කල හැකි විශ්වයේ අවසාන කෙළවර දක්වා දත්ත මෙමඟින් ලබාදෙයි.

 

අභ්‍යවකාශ යුගයේ ආරම්භය

අභ්‍යවකාශ ගවේශනයේ ආරම්භය අත්දකින්න ! ප්‍රථම චන්ද්‍රිකාව වන ස්පුට්නික් 1 කක්ෂගත කිරීමේ සිට සඳ මත ගොඩ බැසීම දක්වා ද, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීමේ සිට ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ චාරිකාව දක්වා වැදගත් සිද්ධීනා පෙළගස්වා ඇත.

 

ස්වභාවික වරණය

බීගල් නැවෙහි නැගී ලෝක ගවේෂණයේ යෙදෙන තරුණ චාල්ස් ඩාවින් සමඟ එක්වන්න. වික්ටෝරියානු සමයේ ද මේ වන විය සොයාගෙන ඇති බොහෝ භෞතික සිද්ධීන් ස්වභාවික නීතිය අනුව විස්තර කර ඇත. එහෙත් ජීවන කථාවෙහි වැදගත්ම යාන්ත්‍රණය තවමත් නොදනී.

 

තාරකා

සමහරක් කාලය හා වයස්ගතයි, අමතක කල හැකි තරම් අඳුරුයි. ඉතිරිය දීප්තිමත්ව දැවෙමින් සිට අති විශාල පිපිරුම් සමඟ මිය යයි. නමුත් ඔවුන්ගේ සෑම අවධියක් පාසාම තරු, විශ්වයට ශක්තිය මුදාහරී. අප මණ්දාකිනියේ දුරස්ථම තාරකාව වෙත, සුන්දර සහ භයානක ගමනක් සඳහා එක්වෙමු.

 

ගැලිලියෝ ගැලිලි සමඟ විශ්ව ගවේෂණය

කෙලෙස තරුවක් සහ ග්‍රහලොවක් වෙනස් වේද ? අපට සුපුරුදු තාරකාරූප කොතනක සොයා ගත හැකිද ? ගැලිලියෝ විසින් මේ සියළු ගැටළු වලට පිළිතුරු සපයනු ඇත. ඔහුගේ පෞද්ගලික ජීවිත කථාව ඇසුරින් පෘථිවියට විශ්වයේ කේන්ද්‍රය වීමේ අවස්ථාව අහිමි වූයේ කෙසේද යන්න සොයා බලමු.


එක් දර්ශනවාරයකදී ඉහත සඳහන් සියල්ල පෙන්වීමට නොහැකි බව කාරුණිකව සලකන්න.

 

ග්‍රහලෝකාගාර ප්‍රවේශපත්‍ර ගාස්තු :

පාසල් නිල ඇඳුම් සහිතව / අවු. 12ට අඩු

ගුරුවරුන් සහ වැඩිහිටියන්

සතියේ දින

රු.30.00

රු.100.00

සෙනසුරාදා

රු.50.00

රු.100.00

දර්ශන වේලාවන් : අඟහරුවාදා සිට සෙනසුරාදා උදේ 10.00 සහ සවස 2.00 ( ඉරිදා, සඳුදා සහ මහජන නිවාඩු දිනවල වසා ඇත).

දර්ශන ආරම්භ කළ පසු ඇතුළු කරනු නොලැබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2017 අප්‍රේල් 11 වෙනි අඟහරුවාදා, 06:28  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම