National Science Day Celebration

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோளரங்கம்.
Sri Lanka Planetarium.

(+94)11 2586499

October 10, 2024

ජාතික විද්‍යා දින සැමරුම - ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය

2022 නොවැම්බර් 10 වන දිනට යෙදෙන ජාතික විද්‍යා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් පහත වැඩසටහන් සංවිධානය කර තිබේ.

              1. ග්‍රහලෝකාගාර දර්ශන
              2. අන්තර් පාසල් තාරකා විද්‍යා දැනුම මිනුම තරගාවලිය (Astro Quiz 2022)
              3. හිරුලප නිරීක්ෂණය
              4. ජල රොකට් සංදර්ශන
              5. තාක්ෂණික උද්‍යාන අත්දැකීම්
              6. විද්‍යා වීඩියෝ දර්ශන

මෙවර අප විද්‍යා දිනයේ සුවිශේෂී අංගය වනුයේ ග්‍රහලෝකාගාරය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන අන්තර් පාසල් තාරකා විද්‍යා දැනුම මිනුම තරගාවලියයි (Astro Quiz 2022). මෙම තරගාවලිය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහභාගී වේ.

වට තුනකින් සමන්විත වන මෙම තරගාවලියේ පළමු වටය මාර්ගගත (online) ආකාරයට පැවැත්වීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා සහභාගි වන සියලුම සිසුන්ට ඩිජිටල් සහතික පත්‍රයක් පිරිනැමීමට අදහස් කර ඇත. එයින් පාසල් 10 ක් අර්ධ අවසාන වටය සඳහා තෝරාගෙන ඉන් දෙකක් අවසාන වටය සඳහා තෝරා ගැනීමට බලාපොරොත්තු වේ. අර්ධ අවසාන සහ අවසාන තරග වට ග්‍රහලෝකාගාරය තුළ පැවැත්වීමටත් ඒවාට සහභාගී වන සියලුම සිසුන්ට මුද්‍රිත සහතික පත්‍රයක් ප්‍රදානය කිරීමටත් අදහස් කර තිබේ.

Tags: No tags

Comments are closed.