Loading

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.

Astro Quiz 2022

“Astro Quiz 2022'' - කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් අතර
තාරකා විද්‍යා දැනුම මිනුම තරගාවලිය

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් 2022 නොවැම්බර් මස 10 වන දිනට යෙදෙන ජාතික විද්‍යා දිනය නිමිත්තෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් අතර තාරකා විද්‍යා දැනුම මිනුම තරගාවලියක් පැවැත් වීමට කටයුතු යොදා ඇත. මේ සඳහා එක් පාසලකින් සිසු සිසුවියන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට පුළුවන. සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම තරගාවලිය පැවැත්වෙන අතර තරඟකරුවන්ට තමන් කැමති මාධ්‍යයකින් පිළිතුරු සැපයීම කළ හැක. මෙම තරගාවලියේදී 1AB, 1C, 2 සහ ජාත්‍යන්තර යන පාසල් වර්ගීකරණයට අදාළ ව කාණ්ඩ 4ක් යටතේ ජයග්‍රාහකයින් තෝරනු ලැබේ.

තරගාවලිය වට තුනකින් සමන්විත වන අතර ඉන් පළමු තරග වටය මාර්ගගත (online) ආකාරයට පැවැත්වේ . පළමු වටයේදී එක් කාණ්ඩයකින් වැඩිම ලකුණු ලබාගන්නා පාසල් 10 දෙවන වටය සදහා සුදුසුකම් ලබන අතර ඉන් ඉහළම ලකුණු ලබා ගන්නා පාසල් 05 අවසාන වටය සඳහා සුදුසුකම් ලබයි.

මාර්ගගත තරග වටයට පමණක් සහභාගි වන සියලුම සිසු සිසුවියන් හට ඩිජිටල් සහතික පත්‍රයක් පිරිනැමේ. දෙවන සහ තෙවන තරග වට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන සියලුම සිසු සිසුවියන් හට මුද්‍රිත සහතික පත්‍රයක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.

ඔබගේ පාසැල ද මෙම තරගාවලිය සඳභා සහභාගිවීමට කැමැත්තෙන් සිටී නම් මේ සමග එවා ඇති අයදුම්පත නිසි පරිදි පුරවා 2022.11.25 දින හෝ ඊට ප්‍රථම ග්‍රහලෝකාගාරය වෙත ලැබීමට එය තැපැල් කිරීමට, ෆැක්ස් කිරීමට, Email කිරීමට, WhatsApp කිරීමට හෝ ග්‍රහලෝකාගාරය වෙත ගෙනවිත් බාර දීමට පුළුවන.

බාගත කිරීම්

විද්‍යුත් ලිපිනය

astroquiz2022@gmail.com

ෆැක්ස්

011-2586499

තැපෑල

Astro Quiz 2022
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
ස්ටැන්ලි විජේසුන්දර මාවත
කොළඹ 07

"Astro Quiz 2022" සබැඳි

Telegram

WhatsApp

සියලුම හිමිකම් ඇවිරිණි. ප්‍රකාශන හිමිකම © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.

Shopping Basket